My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Monday, January 5, 2015

ලෝකයේ ගැඹුරුම ගණිත ගැටලුව මෙයද???

ලෝකයේ ගැඹුරුම ගණිත ගැටලුව මෙයද???
මොකක් ගැනද අප්පේ මේ කියන්න යන්නනේ......
සුපිරි පරිගණකයටත් විසඳිය නොහැකිද???
එසේනම් මිනසා කෙසේ විසඳයිද???
එසේනම් මෙය වෙන ලෝකයක ණිර්මාණයක්ද?නැහැ එය මිනිසෙකුගේම නිර්මාණයක්.

හරිහරි ඔයාල බය උනාද? බයවෙන්න එපා මම මේක ගැන විස්තරයක් ඔයාලට දාන්නයි යන්නේ...
ඕන්න එහෙනම් පටන් ගත්තා.අද ලොව තිබෙන සුපිරි පරිගණකයටත් විසඳිය නොහැකිතරම් ගැඹුරු ගණිත ගැටලුවක් 1973 දී නිර්මාණයවිය.එහෙනම් එය කුමක්ද?ඒක ඔයාල කවුරුත් දන්න රූබික් කියුබයයි.සමහර විට ඔයාලට මේක බපාඩි එඋන්ගෙ සෙල්ලම් බඩුවක්නේ කියල හිතෙන්නත් පුලුවන් දැන තේරෙනවනෙ මොකද්ද මේ ඡිල්මාට් එක කියලා.මෙයට අවුරුදු හතලිහකට පමණකලින් බිහිවූ මෙය හංගේරියාවේ අර්නෝ රූබික් විසින් නිර්මාණය කරන ලද්දකි.මෙහි ඇති විශේෂත්වයනම් මෙය නිර්මාණයකර තිබෙන්නේ ගණිතඥ්ඥයෙකු නොවීමයි.

රූබික් කියුබය කියන්නේ සාමන්‍ය ලොකයේ දක්නට ඇති පරිදි සාදන ලද ඝණකාභයකි.එනම් එහි මුහුනත් හයකි.මෙම මුහුනත් හයේ එක්එක් පැත්තට ආවේනිකවූ එක්එක් පාටක් ඇත.එනම් නිල්,රතු,කහ,කොළ,තැඹිලි සහ සුදු යන වර්ණයන්ය.එමසෑම මුහුණතකින්ම තවත් චතුරස්‍ර 09 ක් පෙනේ සැබවින්ම මේවාත් කුඩා ඝණක වැනිය.ඒවායේද මුහුණත් හයක් තිබේ.එනම් රූබික් කියුබයනම් කුඩාඝණක 27 න් සුසැදි ඝණකයකි.එහි මැද තිබයයුතු ඝණකය සැබවින්ම මෙහි නැත.එය චලනය කිරීමට යොදා ගෙන තිබේ.ඒනිසා එහි තිබෙන්නේ වර්ණ ඝණක 26කි.

මෙහිතිබෙන තවත් වශේෂත්වයක් නම් මෙමකුඩා ඝණක 09 න් යුත් සෑම තට්ටුවකම එකමත එක චලනය කරීමට ඇති හැකියාවයි.මෙහි මුහුණත් හයේ වර්ණ එකම පාට කින් තිබීම මෙහි මුල් ස්වරූපයයි එනම් ගැටලුවෙහි විසඳුමයි.එහෙනම් ගැටලුව සෑදෙන්නේ කොහොමද?.මෙහි මුල් ස්වරූපයෙන් ඇති වර්ණ විසිරී යනසේ මාරු කිරීමයි.එවිට ගැටලුව නිර්මණයවේ.දැන් නැවතත් වර්ණ තිබූසේ සෑදීම මෙම ගැටලුව විසඳීමයි.මෙය පහසු යැයි කෙනෙක් සිතුවාට එය එය සිතන තරම් පහසු නොවනු ඇත.මෙහි ගැඹුරු බව මෙම ඝණකය කලවම් කිරීමේදී ලැබිය හැක එකිනෙකට වෙනස් ආකාර ගැන සිතුවහොත් එය මෙසේය43 252 003 274 489 856 00 කිගකෙහොමද වැඩේ.ගණන් කරගන්නත්අමාරුයි නේද?මෙය ක්වින්ටිලියන 43 කි.මෙසේ එකිනෙකට වෙනස් විදි ප්‍රමාණයට මෙම ඝණක ප්‍රමානය පෘථිවිය මත තැබුව හොත් පෘථිවිය 275 වරයක් ආවර්නය කිරීමට හැකිවේ.බදු අම්මෝ.....මේව ඇහුවාම තනි ඇහැට ඇ‍ඬෙනවනේ.......
මේ කොයි ආකාරයකට තිබුනත් මෙහි විසඳුමට ඇත්තේ එම සංඛ්‍යාවෙන එක් ආකාරයකට පමණි.මෙහි ඇති අභියෝගයනම් මෙම ගැටලුව විසඳීමේදී අවම කාලයකින් විසඳීමයි.එහෙනම් එසේ අඩුම චලන සංඛ්‍යාව කොපමණද?අඩුම චලන සංඛ්‍යව ලෙස දැනට පිලිගෙන තිබෙන්නේ චලන 20 කි.මෙසේ ගණනය කිරීම කරනු ලැබුයේ ගූගල් සමාගමේ සුපිරි පරිගණකයක බලය යොදාගෙනයි.මෙසේ සුපිරි පරිඝණකයක් නොගෙන විසඳීමට ගත්තේනම් ඒ සඳහා වසර 35ක් ගතවේ.

මෙය නිර්මාණය කල මෙහු ගණිතඥ්ඥයෙකු නොවන්නේනම් මෙහු කවුරුන්ද?මෙහු ගෘහ නිර්මණ ශිල්පියෙකිහංගේරියාවේ බුඩාපෙසටි නුවර ගෘහ නිර්මාණ ශිල්පියෙකි ගෘහ නිර්මාණ ආකෘතියක් තැනීම තුලවූ කුතුහලය හේතුවෙන් 1973 මෙය නර්මණය කරණලදී.පසුව මෙ ලෝකයේ සෑම රටකම පාසා ව්‍යාප්තවූ අතර මෙය මිනිසාගේ බුද්ධිය ඔප දමන නිර්මණයක් විය.සුපිරි පරිඝණකයක් එසේ සිදුකලද අදවන තුරු එසේ සැකසීමට මිනිසෙකු සමත්වී නොමැත.ඔස්ට්‍රේලියාවේ ෆෙලික්ස් සෙමිඩෙග්ස් රූබික් කියුබය ගැටලුව විසඳීමේ ශූරයාය තප්පර7053 ක කාලයකදී චලන 22 කින් රූබික කියුබය නැවත සැකසීමෙනි
ඔන්න යාලුවනේ මම අද ඔයාලට රූබික් කියුබය ගැන හා එහි ඉතිහාසය ගැන ටිකක් ඉදිරිපත් කරා.මම ඊලඟ ලපියේදී මෙම ගැටලුව විසදන්නේ කෙසේදැයි කියන්නම්.ඒක හැබැයි සෑහෙන්න දිග පාඩමක් මම ඒකකොටස් වශයෙන් ඔයාලට කියල දෙන්නම්කො .ඔයාලට පුලුවන එතකොට ඔයාලාගෙ බුද්ධිය වර්ධණයකරගන්න.ඒ නිසා අපගේ මෙම ලිපි පෙල සමග දිගටම සම්බන්දවී සිට්න්න.

එහෙනම් මම ගියා.......


කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා..........

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...