My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Saturday, August 23, 2014

ජාවා වැඩසටහනක පාත් එක සැකසීම.෴

ජාවා වැඩසටහනක පාත් එක සැකසීම.

ජාවාකොඩ්ස් ලියන්නේ සරල ටෙක්ස්ට් එඩිටරයක්තුලයි.මේසහා නෝට්පෑඩ් එක භාවිතාකලහැකියි.මෙසේ ලියනු ලබන කෝඩ්ස් කම්පයිල් කිරීමට ජාව ඩිවලොප්මන්ට් කිට් එක අවශ්‍යවේ.එහිදී කම්පයිල් කරන්නේ විනඩෝස් මෙහෙයුම් පද්ධතියක් තුලනම්¸ ඒ කමාන්ඩ් ප්‍රොම්ට් එක තුළයි.ජාවා ඩිවලොප්මන්ට් කිට් එක ඩවුන්ලෝඩ් කරගෙන C:ඩ්‍රයිව් එකේ තුල සකස් කරගත් JDK ‍‍‍ෆෝල්ඩර් එක තුල එය ඉන්ස්ටෝල් කරගැනීමෙන් පසුව ජාවා කෝඩ් කම්පයිල් කිරීමට  පාත් එක සකසා ගතයුතුය.පාත් එක සැකසීමට පෙර ජාවා කෝඩ් අඩංගු ෆයිල් සේව් කිරීමට C:ඩ්‍රයිව් එකේ Java නමින් ෆෝල්ඩරයක් සකසා ගතයතු වේ.
දැන් පාත් එක සැකසීමට ක්‍රම දෙකක් තිබේ.ඉන් එකක් නම් ස්තීර වශයෙන්ම පාත්එක සැකසීමයි අනෙක නම් අවශ්‍ය විටෙක පමනක් පාත්එක සකස් කර ගැනීමයි.මෙ ක්‍රම දෙකෙන්ම සිදුවන්නේ C:ඩ්‍රයිව් එක තුල ඉන්ස්ටෝල් වී ඇති bin හා lib ෆෝල්ඩර් සඳහා පාත්එක සැකසීමයි.
1.තාවකාලික පාත්එක සැකසීම.
මෙසේ පාත් එක සක සකසන්නේ ජාවා ෆයිලි කම්පයිල් කිරීමට හා ක්ලාස් ෆයිල් ක්‍රියාත්මක කර බැලීමටයි.මේසහා Command Prompt එකට පිවිසිය යුතුය. මේ හරහා යන්න  Start ——> Programs ——> Accessories ——>  Command Prompt .මෙසේ පැමිනි Command Prompt එකේ ඩිරෙක්ටරිවලින් පිටතට පැමිනීම සහා CD\ ටයිප් කරන්න.එවිට C:\> ලෙස සටහන්වෙයි.මීලට කලින් සැකසූ Java ඩිරෙක්ටරියට පිවිසීමට C:\> ඉදිරියෙන් CD Java ලෙ සටහන් කරන්න.එවිට  C:\> Java ලෙස දැකිය හැකිය.දැන් bin ෆෝල්ඩර් සඳහා පාත් එක සැකසීමට SET PATH=%Path%;C:\Jdk\bin යන විදානය එක පෙළට ටයිප් කර එනටර් යතුර තද කරන්න.මීළඟට lib ෆෝල්ඩර් සඳහා පාත්එක සැකසීමට SET CLASSPATH=C:\Jdk\lib\classes.zip;.; යන විධානය ලබාදෙන්න.
දැන් ජාවා ෆයිලි කම්පයිල් කිරීමට Command Prompt එක සූදානම්ව ඇත.කෙසේ වුවත් මෙහි ඇති අඩුපාඩුවක් වන්නේ Command Prompt එක වසා නැවත ක්‍රියාත්මක කරනවිට පාත්එක නැවත සැකසිය යුතුවීමයි.

2.ස්ථිර පාත් එකක් සැකසීම.
මෙවිට විනඩොස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටොල් කර තිබෙන තාක් කල් මෙම පාත් එක ක්‍රියාත්මකව පවතී.මේ සඳහා විනඩෝස්එයිට් එක තුලනම්  Explorer තුළින් Computer වෙත පිවිසිය යුතුය.එවිට වවෘර්ත වෙන විනඩෝස් එනකහි වම්පස ඇති Advanced system setting නම් ලින්ක් එකමත ක්ල්ක් කරන්න.එවිට System Properties ඩයලොග් බොක්ස් විවෘර්තවී එහි Advanced ටැබ් එක සිලෙක්ට් වෙයි.දැන් එහි පහලින් ඇති Environmental Variables නම් බටන් එක ක්ලික් කරන්න.එවිට Environmental Variables බොක්ස් එක විවෘර්ත වේ.
දැන් bin ෆෝලඩර් එක සඳහා පාත් එක සැකසීමට Environmental Variables ඩයලොග් බොක්ස් එකෙහි පහලින් ඇති System Variables බොක්ස් එකෙන් path යන්න තෝරන්න.මීළඟට එහිම ඇති Edit බටන් එක ක්ලික් කරන්න.එවිට විවෘර්තවෙන ඩයලොග් බොක්ස් එකෙහි Variables Value නම් තීරුවේ අවසානයට ;C:\JDK\bin යන්න සටහන් කර එහි ඇති OK බටන් එක ක්ලික් කරන්න.

මීළඟට lib ෆෝල්ඩර් එක සඳහාද පාත් එක සැකසීම සඳහා  Environmental Variables ඩයලොග් බොක්ස් එකෙහි ඉහලින් ඇති User Variables for නම් බොක්ස් එකෙහි තිබෙන New බටන් එක මත ක්ලික් කරන්න.එවිට විවෘර්ත වෙන ඩයලොග් බොක්ස් එකෙහි Variable name යන්නට ඉදිරියෙන් CLASSPATH යන්න ලබාදී Variable Value නම් තැන .;c:\jdk\lib\tools\.jar;c:\java;c:\jdk\jre\lib\tr.jar යන විධානය එක පෙළට හිසි තැනක් නොතබා ටයිප් කොට පාත් එක ලබා දෙන්න.ඉන පසුව මෙම ඩයලොග් බොක්ස් එනකහි ඇති OK බටන් එක ක්ලික් කරන්න.පසුව Environmental Variables OK කරන්න.


මේටික කරලබලන්නකො දැනට.ඊලඟ ලිපියෙන් හම්බවෙමු මොක් හරි අවුලක් ආවොත් Comment’s එක් දාන්න.නැත්නම්  මේල් එකත් දාන්න.malaka.aruna6506@gmail.com

…$$$$ Anonymous Hacker $$$$...

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...